ජැෆ්නා කිංග්ස් පස්වැනි වරටත් අවසන් තරඟයට සුදුසුකම් ලබයි!

ඊයේ (05) සවස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති මෙම උද්යෝගිමත් තරගයේදී, ගෝල් ජයන්ට්ස් කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත ඕවර 20 තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 242ක් රැස් කළේය. මෙය LPL තරඟාවලියේ ඉතිහාසයේ කණ්ඩායමක් විසින් රැස් කළ ඉහළම මුළු එකතුව ලෙස වාර්තා විය.
යාපනය කණ්ඩායමේ ආරම්භක පිතිකරු කමිල් මිෂාර ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ අතර පන්දු 55 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 7 ක් සමඟින් නොදැවී ලකුණු 108 ක් රැස් කරමින් ඔහුගේ මංගල T20 ශතකය වාර්තා කළේය. ඔහුට සහය වූයේ පන්දු 32 කදී ලකුණු 54 ක් රැස් කළ කවාජා නබායි සහ පන්දු 21 කදී හයේ පහර 5 ක් සමඟින් නොදැවී ලකුණු 54 ක් රැස් කළ තව්හීඩ් රිදෝයි ය.

- ගෝල් කණ්ඩායමේ පන්දු යවන්නන් අතරින්, කඩුල්ලක් දවාගත් එකම ක්‍රීඩකයා අකිබ් ජාවෙඩ් ය.
ලකුණු 243 ක දුෂ්කර ඉලක්කයක් හඹා ගිය කෝල්ට්ස් කණ්ඩායම ආරම්භයේ සිටම තම දක්ෂතා පෙන්නුම් කළේය. සෑම් හාපර් පන්දු 21 කදී ලකුණු 44 ක් සහ සරිත් අසලංක ලකුණු 27 ක් ලබා ගනිමින් හොඳ ආරම්භයක් ලබා ගත් නමුත්, මැද පෙළේ අර්බුදයක් ඇති කළේ මොහොමඩ් සිරාස් විසිනි.
අවසානයේ කෝල්ට්ස් කණ්ඩායමට ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 228 ක් පමණි.


මැද පෙළ පිතිකරු චාමික කරුණාරත්න ලකුණු 39ක් රැස් කළ අතර නායක දසුන් ශානක ලකුණු 34ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
මොහොමඩ් සිරාස් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත් අතර ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් ලිසාඩ් විලියම්ස් කඩුලු 2ක් දවා ගත්තේය.

යාපනය ජයග්‍රහණය කරා මෙහෙයවූ ශතකයක් රැස් කළ කමිල් මිෂාර තරගයේ වීරයා ලෙස නම් කරන ලදී. මෙම ජයග්‍රහණයත් සමඟ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කෙලින්ම අවසන් මහා තරගයට පිවිසි අතර, පරාජිත ගෝල් කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසීම සඳහා දෙවන සුදුසුකම් ලැබීමේ තරගයට ක්‍රීඩා කරනු ඇත.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.




