යුපුන් අබේකෝන් හදිසියේම ක්‍රීඩාවට සමුදෙයි!

ශ්‍රී ලංකාවේ පිරිමි මීටර් 100, 150 සහ 200 ඉසව්වල ජාතික වාර්තාවලට හිමි කම් කියන යුපුන් විසින් සිය ක්‍රීඩා ජීවිතයේ ලද විශිෂ්ටතම ජයග්‍රහණය ලෙස 2022 Birmingham පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පිරිමි මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජය ගැනීමට සමත් වුනා.

1994 වසරේ දී උපත ලද යුපුන් අබේකෝන් විසින් අද (21) දිනයේ ක්‍රීඩාවට සමු දෙන බව සොය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශයට පත් කළ අතර, ඔහු තවමත් 31 වැනි වියේ පසු වනවා.
“ඔබ හැම දෙනාම කවදාවත් සාමාන්‍ය රසිකයෝ හෝ සහයෝගය දක්වන්නන් විතරක් වුනේ නෑ , ඔබ සියලු දෙනා මගේ පවුල වුණා. මේ ගමන පුරාවටම මම ඇත්තටම ලබාගත්තෙත් ඒ ආදරයි ශක්තියයි විතරයි. මගේ තරග නරඹන්න නිදිමරාගෙන උන්න , පහන් පත්තු කරපු , යාච්ඤා කරපු හැමදෙනාටම ගොඩක් ආදරෙයි.
ඒ හැමදේම මට විශාල ශක්තියක් වුන බව මං මතක් කරන්න කැමතියි. මං මට පුළුවන් උපරිමයෙන් ක්‍රීඩා කරන්නත්, ඔයාලාගේ විශ්වාසය මිල මුදල් ඉදිරියේ පාවා නොදී රකින්නත්, ඔයාලගේ ගෞරවයට කැළැලක් නොකර විනයවත්ව හැසිරෙන්නත් වගබලාගැනීම මං ඔයාලට ඉටුකළ යුතුකමයි.

ඉතින් මගේ ක්‍රීඩා ජීවිතය අවසන් කරන අද දවසේ මට ස්තූති කරන්න පිරිසක් ඉන්නවා. මුලින්ම මාව මේ ලෝකෙට ගෙනැවිත් මට ජීවිතය දුන්න දෙමව්පියන්ට ස්තූතිවන්ත වෙනවා, මං ගැන මෙච්චර ආඩම්බර වෙනකොට මට හරිම සතුටක් දැනෙනවා.
මගේ පවුලේ අයට සහ මගේ යාළුවන්ට ස්තූතිවන්ත වෙනවා මට ලොකු හයියක් උනාට , ඒ වගේම මගේ පාසල් දෙකටම මට ක්‍රීඩාව හඳුන්වලා දුන්නාට. මාව ක්‍රීඩාවට හඳුන්වලා දුන්නාට මගේ සියලුම පුහුණුකරුවන් සහ ඉතාලියේ මගේ කණ්ඩායමට ස්තූතියි. ඒ අය නොහිටින්න මගේ ගමන මේ තරම් දුරක් නොපැමිණෙන්න තිබුණා.”
එමෙන්ම 2019 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ දී පිරිමි 100×4 ඉසව්වෙන් රන් පදක්කමක් ද ජය ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
මීට අමතරව යුපුන් පිළිබඳ ව විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ ඔහු විසින් පිරිමි මීටර් 100 ඉසව්වේ තත්පර දහය සීමාව ඉක්මවා ගිය පළමු දකුණු ආසියාතික ක්‍රීඩකයා බවට පත් වීමයි.

ඔහු විසින් 2022 වසරේ ස්විස්ටර්ලන්තයේ දී මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් නිමා කිරීමට සමත් වූ අතර, මීටර් 200 ඉසව්ව වෙනුවෙන් ඔහු වාර්තා කළ හොඳම කාලය තත්පර 20.37ක් ලෙස සටහන් වුනා.
එමෙන්ම මීටර් 60 ඉසව්ව වෙනුවෙන් ඔහු තත්පර 6.59ක තරග නිමි කාලයක් සටහන් කර ඇති අතර, මීටර් 150 සඳහා තත්පර 15.16ක තරග නිමි කාලයක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



