හතුරුසිංහට කෝටි 6ක වන්දියක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වෙයි!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී ගිවිසුම් කාලය අවසන් වීමට පෙර සේවයෙන් ඉවත් කළ චන්දික හතුරුසිංහ මහතාට ඇමෙරිකානු ඩොලර් 164,000ක වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී ඇති බව වාර්තා වේ. එය වත්මන් විනිමය අනුපාතය අනුව රුපියල් කෝටි පහකට ආසන්න මුදලකි.
ඒ සම්බන්ධයෙන් හතුරුසිංහ මහතා ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුව කොන්දේසි සහිතව ඉල්ලා අස්කර ගැනීමට එකඟතාව පළ කිරීමෙන් පසුව මෙම වන්දි මුදල ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී ඇති බව සඳහන් වේ.

2017 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකට අනුව හතුරුසිංහ මහතා වසර තුනක කොන්ත්‍රාත්තුවක් යටතේ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගත්තේය. ඔහු නිල වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සේවය ආරම්භ කළේ 2017 දෙසැම්බර් 20 වැනිදාය. ඒ වන විට ඔහු බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථක ප්‍රධාන පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් සිටියේය.
කෙසේ වෙතත්, 2019 වසර වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල තරග ප්‍රතිඵල සහ විනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල විය.
සම්පූර්ණ ගිවිසුම් කාලයට අදාළ ගෙවීම් ලබා දෙන්නේ නම් ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව හතුරුසිංහ මහතා ප්‍රකාශ කළද, ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරමින් සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

ඉන් අනතුරුව හතුරුසිංහ මහතා ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය. දෙපාර්ශ්වය අතර පැවති ගිවිසුම ඒකපාර්ශ්විකව කඩ කිරීමෙන් තමන්ට ආදායම් අහිමි වූ බවත්, සිය කීර්තිනාමයට බරපතළ හානියක් සිදු වූ බවත් ඔහු එහිදී චෝදනා කර තිබිණි.
මෙම ආරවුල ආරම්භයේදී හතුරුසිංහ මහතා ඇමෙරිකානු ඩොලර් මිලියන පහක වන්දි මුදලක් ඉල්ලා තිබූ අතර, පසුව එය ඩොලර් 450,000 දක්වා අඩු කළ බවද වාර්තා විය. නවතම එකඟතාව අනුව ඩොලර් 164,000ක් ගෙවා නීතිමය ක්‍රියාවලිය අවසන් කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බව වාර්තා වේ.
හතුරුසිංහ මහතාගේ සේවය අවසන් කිරීමට ගත් තීරණය එවකට ජාත්‍යන්තර වශයෙන්ද දැඩි අවධානයට ලක් විය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේද සාකච්ඡා වූ අතර, නීතිමය කටයුතු සඳහා වැය වන අධික මුදල අවම කර ගැනීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණිය යුතු බව එම කමිටුව යෝජනා කර තිබිණි.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකපුද්ගල කමිටු විමර්ශනයකදී හතුරුසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා කිහිපයකට ඔහු වැරදිකරු බවට නිර්දේශ කර තිබූ බවද සඳහන් වේ.
හතුරුසිංහ මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 21කින් තරග හයක් ජයගෙන 11ක් පරාජයට පත්ව තිබේ. එක්දින තරග 44කින් තරග 10ක් ජයගෙන 29ක් පරාජයට පත්ව ඇති අතර, විස්සයි20 තරග 12කින් තරග හතරක් ජයගෙන අටක් පරාජයට පත්ව තිබේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.




