අංගම්පොර සටන් කලාවේ තහනම ඉවත් කරන්නට සැලසුම්

දේශීය අංගම්පොර සටන් කලාව සඳහා යටත් විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ක්‍රීඩාවේ ඉදිරි ගමන් මඟ හා ක්‍රීඩා ආර්ථිකයට දායක විය හැකි ක්‍රීඩාවන් හඳුනා ගැනීම සඳහා පසුගිය දා අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ පුරාණයේ සිට පැවත එන සාම්ප්‍රදායික සටන් ක්‍රමයක් ලෙස අංගම් සටන් ශිල්පයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. රාවණා යුගයේ සිට ම මෙකී සටන් කලාව පැවත එන බවත්‍, පසුකාලීනව රජවරුන් විසින් යුද්ධවල දී මෙකී සටන් ශිල්පය යොදා ගෙන ඇති බවත් ජනප්‍රවාදවලින් කියැවේ.

ප්‍රධාන ගුරුකුල කිහිපයක් යටතේ මෙරට විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කොට ක්‍රියාත්මක වූ මෙම සටන් කලාව ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ තහනමට ලක් කර තිබිණි. ඉන්පසු එවකට සිටි අංගම් සටන් ශිල්පීන් මෙම කලාව නර්තන අංගයක් ලෙස පෙන්වමින් රහසිගතව ඉදිරියට පවත්වා ගෙන ඇති බවත්, පරම්පරාගතව ශිල්පය උරුම වී ඇති බවත් මේ පිළිබඳ ඉතිහාසය අධ්‍යයනයේ දී පෙනී යයි.

ක්‍රීඩා ආර්ථිකයක් මෙන්ම ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැංවීමේ වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශීය සාම්ප්‍රදායික ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම මෙන්ම මෙරට පැවති සාම්ප්‍රදායික ක්‍රීඩා අතුරින් ක්‍රීඩාවක්, සටන් කලාවක් මෙන් ම සංස්කෘතික උරුමයක් ද වශයෙන් වැදගත් වන අංගම් සටන් කලාව මේ යටතේ ප්‍රවර්ධනය කිරීමට තෝරාගෙන ඇත. මෑත කාලයේ රාජ්‍ය මැදිහත් වීම සහිතව විවිධ අමාත්‍යාංශ මගින් මෙම ශිල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

ක්‍රීඩාවක් සහ ශාරීරික ව්‍යායාමයක් වශයෙන් අංගම් සටන් ශිල්පයේ ඇති කොටස් යොදා ගැනීමටත්, ඒ හරහා මෙකී වටිනා සාම්ප්‍රදායික ශිල්පය ආරක්ෂා කර ජනගත කිරීමත් කෙරෙහි මෙම සාකච්ඡාවෙන් අනතුරුව අවධානය යොමු විය. ඒ සඳහා පහත ක්‍රියාමාර්ග ඔස්සේ අංගම් සටන් ශිල්පය ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි.

අංගම් සටන් කලාවට අදාළ පසුබිම, ඉතිහාසය ආදී තොරතුරු පිළිබඳ පර්යේෂණ පැවැත්වීම, පර්යේෂණ පරිසංවාද සංවිධානය කිරීම හා එම තොරතුරු මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කිරීම, දැනට අංගම් සටන් කලාවේ යෙදෙන ශිල්පීන් සඳහා අවශ්‍ය වන පහසුකම් සැපයීම‍.

සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කර සංචාරක ආකර්ෂණය ඇති වන පරිදි අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සංදර්ශනාත්මක ප්‍රසංග සංවිධානය කිරීම‍. ශාරීරික අධ්‍යාපන විෂයය තුළට මෙම අංගම් සටන් කලාවේ සුදුසු කොටස් එක්කිරීම සඳහා අදාළ ආයතන සමග එක්ව කටයුතු කිරීම හා එමඟින් ඉදිරි පරම්පරාව ජවසම්පන්න කිරීම යන කරුණු මූලික අදියරේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශයේ ‌ජ්‍යේෂ්ඨ නිළධාරීහු පිරිසක් සහභාගී වූහ.

ක්‍රීඩා අමාත්‍යංශය විසින් එවන ලද මාධ්‍ය නිවේදනයකි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

අංගම්පොර සටන් කලාවේ තහනම ඉවත් කරන්නට සැලසුම්.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });