අප්‍රිකානු පාපන්දු ශූරතාව සෙනගාලයෙන් උදුරා මොරොක්කෝවට ලබා දෙයි!

අප්‍රිකානු පාපන්දු ශූරතාව සෙනගාලයෙන් උදුරා මොරොක්කෝවට ලබා දෙයි!

අප්‍රිකානු පාපන්දු ශූරතාව සෙනගාලයෙන් උදුරා මොරොක්කෝවට ලබා දෙයි!

2026 අප්‍රිකානු පාපන්දු කුසලානය වන AFCON තරගාවලියේ ශූරතාව මොරොක්කෝවට ලබා දීමට අප්‍රිකානු පාපන්දු සම්මේලනය විසින් ඊයේ (17) තීරණය කර තිබුණා.

පසුගිය ජනවාරි 19 දින ක්‍රියාත්මක වූ AFCON අවසන් මහා තරගයේ ජය සෙනගාලය විසින් හිමි කර ගැනීමට සමත් වුනේ මොරොක්කෝවට එරෙහිව ගෝල 1-0ක ජයක් වාර්තා කරමිනුයි.

අප්‍රිකානු පාපන්දු ශූරතාව සෙනගාලයෙන් උදුරා මොරොක්කෝවට ලබා දෙයි!

නමුත් මෙම තරගය තුළ කණ්ඩායම් දෙක අතර ඉතා උණුසුම් තත්වයක් නිර්මාණය වූ අතර, තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම ද අතිරේක කාලය දක්වා ම ඇදී ගියා.

තරග කාල රාමුව:
  • මිනිත්තු 90+2: සෙනගාලය විසින් වාර්තා කළ පළමු ගෝලය නොසලකා හැරීම
  • මිනිත්තු 90+8: මොරොක්කෝවට විවාදාත්මක දඬුවම් පහරක් හිමි වීම.
  • මිනිත්තු 90+12: එම තීරණවලට විරුද්ධ වෙමින් සෙනගාලය ක්‍රීඩා පිටියෙන් ඉවත් වීම.
  • මිනිත්තු 90+20: සෙනගාලය නැවත තරග බිමට පැමිණීම.
  • මිනිත්තු 90+24: Brahim Diaz විසින් මොරොක්කෝවට හිමි වූ දඬුවම් පහර ව්‍යර්ථ කර ගැනීම.
  • අතිරේක කාලය මිනිත්තු 94: Pape Gueye විසින් සෙනගාලය වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීම
අප්‍රිකානු පාපන්දු ශූරතාව සෙනගාලයෙන් උදුරා මොරොක්කෝවට ලබා දෙයි!

මෙම සිදුවීම් සමූහයෙන් අනතුරුව සෙනගාලය විසින් අප්‍රිකානු ශූරයින් ලෙස කිරුළු දැරීමට සමත් වූ අතර, මෙහි දී සෙනගාලය නැවතත් ක්‍රීඩා පිටියට රැගෙන ඒම සම්බන්ධයෙන් සුපිරි සෙනගාල ක්‍රීඩක Sadio Mane හට විශේෂ ප්‍රශංසා ද හිමි වුනා.

කෙසේ වෙතත් තරගය පැවැත්වීමෙන් මාස දෙකක කාලයක් ගත වී යන මොහොතේ මෙම ශූරතාව මොරොක්කෝව වෙත පිරිනැමීමට අප්‍රිකානු පාපන්දු බලධාරීන් විසින් තීරණය කර තිබෙනවා.

“කිසියම් හේතුවක් නිසා කණ්ඩායමක් තරගයෙන් ඉවත් වුව හොත්, තරගයකට වාර්තා නොකළහොත්, තරගයක් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ හොත් හෝ තරගය අවසන් වීමට පෙර විනිසුරු අවසරයකින් තොරව ක්‍රීඩා පිටියෙන් ඉවත් වුව හොත් ඔවුන් තරගයේ පරාජිතයින් ලෙස සලකනු ඇති.” යනුවෙන් තරගාවලි නීති සම්පාදනය කර තිබෙනවා.

මේ අනුව AFCON අවසන් මහා තරගයේ දී මොරොක්කෝව විසින් සෙනගාලයට එරෙහිව ගෝල 3-0ක ජයක් ලැබූ බවට සලකනු ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

මේ අනුව මොරොක්කෝව විසින් 1976 වසරට පසුව අප්‍රිකානු පාපන්දු කුසලානයක් ජය ගැනීමට සමත් වන අතර, සෙනගාලයට මෙවර ශූරතාව අහිමි වී යනු ඇති.

සෙනගාලය විසින් මීට පෙර 2021 වසරේ අප්‍රිකානු පාපන්දු ශූරයින් බවට පත් වීමට සමත් වුනා.

කෙසේ වෙතත් මෙම වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් ද්විත්වයම තරග බිමට අවතීර්ණ වීමට නියමිත අතර, නව අප්‍රිකානු ශූරයින් වන මොරොක්කෝව පසුගිය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබීමට සමත් වුනේ එවන් දස්කමක් දැක්වූ පළමු අප්‍රිකානු කණ්ඩායම බවට ද පත් වෙමිනුයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

අප්‍රිකානු පාපන්දු ශූරතාව සෙනගාලයෙන් උදුරා මොරොක්කෝවට ලබා දෙයි!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

85kg ශ්‍රී ලංකා රග්බි සංචිතය නම් කරයි!

85kg ශ්‍රී ලංකා රග්බි සංචිතය නම් කරයි! කිලෝග්‍රෑම් 85 ට...

රුසී වැන් ඩර් ඩුසන් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යයි!

රුසී වැන් ඩර් ඩුසන් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යයි! දකුණු අප්‍රිකාවේ...

හොදම Articles

Popular Categories

Telegram