ආරක්ශාව පසෙකලා ඉරාන ලෝක කුසලාන තරග ඇමරිකාවෙදිම! – ඉන්ෆැන්ටිනෝ Iran will play World Cup games in US – Infantino

ඉරාන ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැහැදිලි අනතුරු ඇඟවීමක් කර තිබියදීත්, ඉරානයේ ලෝක කුසලාන තරග එක්සත් ජනපදයෙන් පිටතට ගෙනයාම අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

අඟහරුවාදා (31 වැනිදා) තුර්කියේ කළ සංචාරයකදී අදහස් දක්වමින් ඉන්ෆැන්ටිනෝ මහතා පැවසුවේ බටහිර ආසියාවේ පවතින ගැටුම් හමුවේ ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇතිවන එදිරිවාදිකම් ඉහළ ගියත්, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කාලසටහන වෙනස් කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි.
“කොහෙත්ම නැහැ. තරග පවත්වන්න සැලසුම් කරපු තැන්වලම ඒ තරග තියන්න ඕනා,” යයි ඉරාන පාපන්දු ක්‍රීඩකයන් මේ දිනවල පුහුණු කඳවුරකට සහභාගි වෙමින් සිටින තුර්කියේ ඇන්ටාලියා නුවරදී ඉන්ෆැන්ටිනෝ මහතා සඳහන් කළේය.
පසුගිය වසරේදී ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත් ඉරානය, තරගාවලියේ ‘ජී’ කාණ්ඩයෙන් තරග වදින අතර ඔවුන්ගේ සියලුම මූලික වටයේ තරග ඇමරිකානු භූමියේ පැවැත්වීමට නියමිතය. බෙල්ජියම, ඊජිප්තුව සහ නවසීලන්තය සමඟ ඔවුන් තරග කිරීමට නියමිත අතර එම තරග ලොස් ඇන්ජලීස් සහ සියැටල් නගරවලදී පැවැත්වේ.
කෙසේ වෙතත්, ලෝක කුසලාන තරගාවලියට ඉරානයේ සහභාගීත්වය පිළිබඳව යම් අවිනිශ්චිතතාවක් පවතින බව සඳහන් වේ. වත්මන් යුද ගැටුම් පසුබිමක් තුළ වුවද ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉරානය බලාපොරොත්තුවෙන් සිටින අතර, තමන්ගේ තරග මෙක්සිකෝවට මාරු කරන ලෙස ඉරාන පාපන්දු සම්මේලනය FIFA වෙත ඉල්ලීමක් කර තිබේ.

මේ අතර තමන්ට සතුරු යැයි සැලකෙන රටවලට ගමන් කිරීම ඉරානයේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් තම රටේ ජාතික සහ ක්‍රීඩා සමාජ කණ්ඩායම් සඳහා තහනම් කර තිබේ. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් සලකා බැලීමේදී එක්සත් ජනපදයද ඉරානයේ සතුරු රටවල් ලැයිස්තුවට ඇතුළත් වේ.
මෙම අර්බූදයේ මූලික හේතුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බවද සඳහන් වේ. ලෝක කුසලාන තරගාවලියට ඉරානයට සහභාගී වීමට අවසර තිබුණද එය ඔවුන්ට නුසුදුසු ස්ථානයක් විය හැකි බව ඔහු ප්‍රකාශ කර තිබේ.
“ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සාදරයෙන් පිළිගන්නවා. නමුත් ඔවුන්ගේ ජීවිතය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් එහි සිටීම සුදුසු යැයි මම විශ්වාස කරන්නේ නැහැ,” යයි ඇමරිකානු ජනාධිපතිවරයා පැවසීය.
“මෙතැන් සිට ලෝක කුසලාන තරගාවලිය දක්වාම ඉරාන ජාතික කණ්ඩායමට සහාය වීමට මට හැකි සෑම දෙයක්ම මම කරනවා,” යයිද ඉන්ෆැන්ටිනෝ මහතා සඳහන් කළේය.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජූනි 11 වැනිදා සිට ජූලි 19 වැනිදා දක්වා ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවලදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලියට කණ්ඩායම් 48ක් සහභාගී වන අතර කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ 12ක් යටතේ තරග පැවැත්වේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



