නොකඩවා දෙවැනි වරටත් RCB IPL ශූරයින් වෙයි!

2026 IPL ශූරතාව ජයග්‍රහණය කිරීමට Royal Challengers Bengaluru කණ්ඩායම විසින් ඊයේ (31) රාත්‍රියේ දී සමත් වුනා.
මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගය සඳහා RCB කණ්ඩායම සමඟ Gujarat Titans කණ්ඩායම් තරග වැදුණු අතර, තරගයේ කාසියේ වාසිය RCB නායක Rajat Patidar හට හිමි වුනා.

ඔහුගේ තීරණය අනුව GT කණ්ඩායම තරගයේ පළමු ඉනිම දියත් කිරීම සඳහා පිටියට අවතීර්ණ වූ නමුත්, තරගාවලිය පුරා ඔවුන් පවත්වා ගෙන ආ සාර්ථක මුල් පෙළ පිතිකරණ රටාව මෙවර ඔවුන්ට රැක ගැනීමට නොහැකි වුනා.
තරගාවලියේ මූලික වටයේ දී RCB කණ්ඩායම පළමු ස්ථානයට පත් වූ අතර, GT කණ්ඩායම දෙවැනි ස්ථානයට පත් වුනා. ඔවුන්ගේ සියලු තරග දක්ෂතා එක හා සමාන තත්වයක පැවති අතර, දළ ලකුණු වේගය මත පමණක් මෙසේ ස්ථාන තීරණය වුනා.
කෙසේ වෙතත් Playoffs තරගවල Qualifier 1 තරගයේ දී RCB කණ්ඩායම විසින් GT පිතිකරණ බළඇණිය පාලනය කරමින් අවසන් මහා තරගය සඳහා වරම් ලබා ගත්තා. මේ අතර GT කණ්ඩායම නැවත Qualifier 2 තරගයේ දී Rajasthan Royals කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගය වෙත ප්‍රවිෂ්ට වුනා.

මේ අනුව තරගයේ ජය සඳහා ලකුණු 156ක ඉලක්කයක් හඹා යාමට RCB වෙනුවෙන් Virat Kohli සහ Venkatesh Iyer පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා විසින් පන්දුවාර 4 පන්දු 3ක් තුළ ලකුණු 62ක් ඉනිමට එක් කරමින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම සකසා දීමට සමත් වුනා. මෙහි දී Iyer විසින් පන්දු 16කින් ලකුණු 32ක් ලබමින් පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව GT පන්දු යවන්න විසින් නැවත තරගයේ ආධිපත්‍යය ලබා ගැනීමට ඉහළ උත්සාහයක් දැරුවා.
කෙසේ වෙතත් ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli විසින් මෙවර ශූරතාව තමන්ගෙන් ඈතට යා නොදීමට වගබලා ගත් අතර, ඔහු නොදැවී පිටියේ රැඳී සිටිමින් RCB කණ්ඩායම නොකඩවා දෙවැනි වරටත් IPL ශූරතාව කරා රැගෙන ගියා.

මෙහි දී Virat Kohliගේ පිත්තෙන් ලකුණු 75ක් වාර්තා වූ අතර, පන්දු 42ක් තුළ වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 09ක් සහ හයේ පහර ත්‍රිත්වයක් අන්තර්ගත වුනා.
මේ අනුව Royal Challengers Bengaluru කණ්ඩායම කඩුලු 05ක් අතැතිව අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා.
මීට පෙර IPL ඉතිහාසය තුළ නොකඩවා දෙවරක් ශූරතාව හිමි කර ගැනීමට සමත් වී සිටියේ Chennai Super Kings සහ Mumbai Indians කණ්ඩායම් පමණක් වන අතර, මෙවර එම ලැයිස්තුවට RCB නම ද එක් වුනා..

- අවසන් තරගයේ වීරයා – Virat Kohli
- තරගාවලියේ වීරයා – Vibhavb Sooryavanshi
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



