පාපන්දු ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි!

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අතිශය තීරණාත්මක අදියර ලෙස සැලකෙන පිළිමළුන් පිටුදැකීමේ වටය ඊයේ (28 වැනිදා) රාත්‍රියේ ආරම්භ විය. එහි පළමු තරගය දකුණු අප්‍රිකාව සහ කැනඩාව අතර ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30ට ආරම්භ විය.
පිළිමළුන් පිටුදැකීමේ වටයේ දෙවැනි තරගය ජපානය සහ බ්‍රසීලය අතර අද (29 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතය.
මෙම වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් අතර බොස්නියාව, දකුණු අප්‍රිකාව, අයිවරි කෝස්ට් සහ පළමු වරට පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වන කැබෝ වර්ඩි රාජ්‍යයද සිටී.
අප්‍රිකානු මහාද්වීපයට බටහිරින් පිහිටි දූපත් සමූහයකින් සමන්විත කැබෝ වර්ඩි රාජ්‍යයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 1,557කි. එහි ජනගහනය ලක්ෂ පහකටත් අඩුය.
තරගාවලියෙන් ඉවත් වූ කණ්ඩායම් අතර ටියුනීසියාව, තුර්කිය, 2022 ලෝක කුසලානයේ සත්කාරක කටාර් රාජ්‍යය, පළමු පාපන්දු ලෝක කුසලානය ජයගත් උරුගුවේ සහ ආසියාවේ ප්‍රබල කණ්ඩායම් වන දකුණු කොරියාව හා ඉරානයද වෙති.
මේ අතර, සිය කණ්ඩායම පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් උරුගුවේ පාපන්දු සම්මේලනය දැඩි කෝපයෙන් පසුවන බව වාර්තා වේ.
අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 16 වැනි ස්ථානයේ පසුවන උරුගුවේ කණ්ඩායම ස්පාඤ්ඤය හමුවේ පරාජය වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් විය.
ඒ අනුව, කණ්ඩායම නැවත සිය රටට රැගෙන යාම සඳහා වෙන්කර තිබූ ජෙට් යානය අවලංගු කිරීමට උරුගුවේ පාපන්දු සම්මේලනය තීරණය කර ඇතැයි සඳහන් වේ. වාණිජ ගුවන් සේවා ඔස්සේ නැවත සිය රට බලා යන ලෙස ක්‍රීඩකයන්ට දැනුම්දී ඇති බවද අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.
Round of 32 Fixtures and Match Timing in Sri Lanka times
| Round of 32 | Date | SL Time | ||||
| 29 Jun | 12:30 AM | South Africa | vs | Canada | ||
| 29 Jun | 10:30 PM | Brazil | vs | Japan | ||
| 30 Jun | 2:00 AM | Germany | vs | Paragiuay | ||
| 30 Jun | 6:30 AM | Netherlands | vs | Morocco | ||
| 30 Jun | 10:30 PM | Ivory Coast | vs | Norway | ||
| 1 Jul | 2:30 AM | France | vs | Sweden | ||
| 1 Jul | 6:30 AM | Mexico | vs | Ecudaor | ||
| 1 Jul | 9:30 PM | England | vs | DR Congo | ||
| 2 Jul | 1:30 AM | Belgium | vs | Senegal | ||
| 2 Jul | 5:30 AM | USA | vs | Bosnia | ||
| 3 Jul | 12:30 AM | Spain | vs | Austria | ||
| 3 Jul | 4:30 AM | Portugal | vs | Croatia | ||
| 3 Jul | 8:30 AM | Switzeland | vs | Algeria | ||
| 3 Jul | 11:30 PM | Australia | vs | Egypt | ||
| 4 Jul | 3:30 AM | Argentina | vs | Cabo Verde | ||
| 4 Jul | 7:00 AM | Colombia | vs | Ghana |
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.




