ශ්‍රී ලංකාව තවමත් ජයග්‍රහණයට ලකුණු 288ක් පිටුපසින්!

ඉන්දු – ශ්‍රී ලංකා 1 වැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලකුණු 288ක් මෙපිටින් සිටිය දී සිවු වැනි දිනය නිමා වෙනවා. ඔවුන්ට එම ඉලක්කය හඹා යෑමට තවත් ඉතිරි ව ඇත්තේ කඩුලු 6ක් පමණයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 462ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 284ක් පමණයි.
තරගය අද ආරම්භ වෙන්නේ ඉන්දීය ඉනිමේ 2 වැනි ඉනිමෙන්. ඒ වෙද්දී ඔවුන් සත්කාරකයන්ට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් පසු වූ අතර අද ඔවුන්ගේ 2 වැනි ඉනිම ලකුණු 193කට සීමා වෙනවා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට තණතිල්ල බාර දෙන්නේ ලකුණු 371ක් ඉදිරියෙන් සිටිමින්.
පළමු ඉනිමේ දී සාර්ථක ඉනිමක් ගොඩ නැගූ ඉන්දීය ක්‍රීඩකයන්ට 2 වැනි ඉනිමේ දී එවැන්නක් කිරීමට හැකි වෙන්නේ නැහැ. දිනයේ දහවල් විවේකය වෙද්දී ඔවුන්ගේ ඉනිමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනෙක් ම දැවී යනවා. ඒ වන විට ඔවුන්ගේ ලකුණු පුවරුවට එක් ව තිබුණේ ලකුණු 116ක් පමණයි. ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් පළමු ඉනිමේ තෙවැනි පන්දුවේ දී ම Yashasvi Jaiswal ලකුණු නොලබා ම දැවී යනවා.

ඉන් අනතුරු ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක සබඳතාවක් එක් කිරීමට KL Rahul සහ Devdutt Padikkal සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ KL Rahul ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.
අනතුරු ව ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් Shubman Gill ලකුණු 8ක දැවී යන අතර දිවා විවේකයට පෙර කඩුල්ල අහිමිකර ගත් අනෙක් ක්‍රීඩකයා වූයේ Devdutt Padikkal. ඒ වෙද්දී ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා.
දිවා විවේකයෙන් අනතුරු ව ඉන්දීය ඉනිමට ලකුණු එකතු කළ සාර්ථක ම පිතිකරු බවට පත් වූයේ Rishabh Pant. ඔහු එහි දී තම 20 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා ගන්නවා.
එම කාර්තුවේ දී දැවී ගිය අනෙකුත් සෑම පිතිකරුවෙක්ගේ ම ඉනිම් තනි ඉලක්කමකට සීමා වීම කැපී පෙණුනා.

ඉන්දීය 2 වැනි ඉනිමට ලකුණු 193කට සීමා වෙද්දී අසිත ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ප්‍රභාත් ජයසූරිය ලකුණු 43කට කඩුලු 3ක් ද, ලහිරු කුමාර ලකුණු 28කට කඩුලු 2ක් ද සහ කේශර නුවන්ත කඩුල්ලක් ද දවා ගත්තා.
ඉන්දීය ක්‍රීඩකයන් පන්දුවට පහර දුන් එම කාර්තුවේ දී පන්දු රකිමින් සිටි දිනේෂ් චන්දිමාල්ගේ බෙල්ලේ ඇති වූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඊට ආදේශක ක්‍රීඩකයා ලෙසින් පසිඳූ සූරියබණ්ඩාර කැඳවෙනවා.
26 වැනි වියේ පසුවෙන ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වා ඇති පසිඳු සූරියබණ්ඩාර ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වරම් හිමිකර ගත් අලුත් ම ක්‍රීඩකයා බවට පත් වූවා.
වර්තමානයේ Moors SC කණ්ඩායම නියෝජනය කරන පසිඳු සූරියබණ්ඩාර කලක් ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකයා ලෙසින් ද කටයුතු කළා.
ඔහු මේ දක්වා පළමු පෙළ තරග 68ක ඉනිම් 102කට ක්‍රීඩා කරමින් ශතක 14ක් සහ අර්ධ ශතක 23ක් සමඟින් ලකුණු 4893ක් ලබා සිටින අතර මේ වෙද්දී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 54.36ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද සමත් ව සිටිනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.




