මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

පාකිස්තාන පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සාමාජිකයෙකු වන මිස්බා උල් හක් සිය ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.

පකිස්ථාන පිරිමි ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල එංගලන්තයේ සංචාරයක නිරත වේ. මේ තත්ත්වය තුළ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය එංගලන්ත ටෙස්ට් පිලේ සහ එහි කළමනාකාරිත්වයේ දැඩි වෙනස්කම් සිදු කර තිබිණි. මෙම සිදුවීම් සිදු වූ පසු දිනම තේරීම් කමිටුවෙන් ඉවත් වීමට මිස්බා උල් හක් තීරණය කළේය. එමෙන්ම ඔහු ලාහෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමියේ (NCA) ක්‍රිකට් උපදේශක තනතුරෙන්ද ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ක්‍රිකට් තරඟ ටිකට්පත්
එංගලන්තය සහ පාකිස්තානය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 194ක පරාජයක් ලැබූ පාකිස්තානය තරග තුනකින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස පසුපසින් සිටියේය.
මේ අනුව සැප්තැම්බර් 09 වැනිදා එජ්බැස්ටන්හිදී පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගයට පෙර පාකිස්තානු පිලෙන් ක්‍රීඩකයන් 7 දෙනෙකු ඉවත් කළ අතර ප්‍රධාන පුහුණුකරු සර්බරාස් අහමඩ් සහ පන්දු යැවීමේ පුහුණුකරු උමාර් ගුල්ද එම තනතුරුවලින් නිදහස් කර තිබේ.

පාකිස්තාන ටෙස්ට් සංචිතයේ සිටින මොහොමඩ් රිස්වාන්, ඉමාම් උල් හක්, සල්මාන් අගා, අලි උස්මාන්, අමර් ජමාල්, උවයිස් ජෆාර් සහ කුරාම් ෂාසාඩ් යන ක්‍රීඩකයින් හත් දෙනාම නිදහස් කර පාකිස්තානයට යවා ඇත. ඔවුන් වෙනුවට සයිම් අයුබ් සහ අබ්දුල්ලා බසාල් පාකිස්තාන සංචිතයට ඇතුළත් කර ඇති අතර ජාත්‍යන්තර ආරම්භක පිතිකරුවන් වන
- අරෆත් මින්හාස්,
- මොහොමඩ් ඉම්රාන් ජූනියර්,
- චැඩ් බයික්,
- මොහොමඩ් ඉම්රාන් රන්දාවා සහ
- රසාවුල්ලා ද ඇතුළත්ව සිටිති.
පාකිස්තාන සීමිත ඕවර ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් සහ පන්දු යැවීමේ පුහුණුකරු ඈෂ්ලි නොප්කේ ටෙස්ට් කණ්ඩායමේ පුහුණු කිරීමේ වගකීම භාරගෙන තිබීමද විශේෂත්වයකි.
මේ අතර බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත තරගමාලාව සඳහා කණ්ඩායම් සඳහා රිස්වාන් සහ ඉමාම් තෝරා ගැනීම සම්බන්ධයෙන් පැය 24ක් ඇතුළත ලිඛිත පැහැදිලි කිරීමක් කරන ලෙස පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තේරීම් කමිටු සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
තේරීම් කමිටුවෙන් ඉවත්ව සිටින මිස්බා උල් හක් 2017 වසරේ ටෙස්ට් තරගවලින් විශ්‍රාම ගැනීමෙන් පසු පාකිස්තානයේ ප්‍රධාන පුහුණුකරු, ප්‍රධාන තේරීම්කරු සහ උපදේශක ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විවිධ වගකීම් දරා ඇති බව පෙන්වා දීම වටී.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.




