Neymar කඳුළු පිරි දෙනෙතින් යුතුව වයිකිංවරුන්ට සුභ පතයි!

2026 පාපන්දු ලෝක කුසලානයේ 25 වැනි දිනයට අදාළ ව තවත් තරග ද්විත්වයක් ඊයේ (06) උදෑසන ක්‍රියාත්මක වුනා.
මෙම තරගවලින් ජය ගනිමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සහ නෝර්වේ කණ්ඩායම් සමත් වීම විශේෂත්වයක්.
බ්‍රසීලය සහ නෝර්වේ

ලෝක පාපන්දුවෙ සුපිරි තරු යුගලයක් වන බ්‍රසීලයේ Neymar සහ නෝර්වේ දේශයේ Erling Haaland ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රීඩා පිටියේ දී මුණ ගැසීමට නියමිත වූ මෙම තරගයට රසිකයින්ගෙන් විශේෂ අවධානයක් යොමු වී තිබුණා.
තරගය ආරම්භයේ පටන් නෝර්වේ කණ්ඩායම පන්දුව වැඩි වශයෙන් තමා සන්තකයේ තබා ගනිමින් ක්‍රීඩා කළ අතර, බ්‍රසීලයට තරගය ආරම්භ වී මොහොතකින් දඬුවම් පහරක් ද හිමි වුනා.
කෙසේ වෙතත් මෙහි දී බ්‍රසීල මැද පෙළ ක්‍රීඩක Bruno Guimaraes විසින් එම දඬුවම් පහර අසාර්ථක කර ගත් අතර, ඉන් අනතුරුව තරගයේ පළමු අර්ධය නිමා වන තෙක් එකදු කණ්ඩායමක් හෝ ගෝල වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.
මින් අනතුරුව බ්‍රසීලය විසින් නැවත තරගයට අවතීර්ණ වීමට මගක් සොයමින් සිටියා. මේ අතරම තරගය ආරම්භ කිරීමෙ ක්‍රීඩකයින් අතරට එක් නොවූ Neymar ද තරගය අතර මැද පිටියට ආදේශ කළ අතර, තරගයේ 90+10 මිනිත්තුවේ දී Neymar විසින් බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය දඬුවම් පහරක් හරහා වාර්තා කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව තරගය නිමා වීම නිසා තරගයෙන් 2-1ක ජයක් නෝර්වේ කණ්ඩායමට හිමි වූ අතර, බ්‍රසීලයට කණ්ඩායම් 16 වටයෙන් ඉවත් වී යාමට සිදු වුනා.
ඉන් මොහොතකට පසුව Neymar කඳුළු පිරි දෙනෙතින් යුතුව ක්‍රීඩාංගණය තුළ හඬා වැටෙන බව දක්නට ලැබුණු අතර, ඒත් සමඟම ඔහු විසින් බ්‍රසීලය සමග ගෙවා දැමූ සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට ද නිමාව සනිටුහන් කළා.
එංගලන්තය සහ මෙක්සිකෝව

තරගාවලියේ සම සත්කාරයකයින් ලෙස මෙක්සිකෝව සිය දේශයේ වාසිය ද සමඟ මෙම තරගයට අවතීර්ණ වූ අතර, එංගලන්තය සුපුරුදු පරිදි සිය ආක්‍රමණශීලී ගෝල වාර්තා කිරීමේ අවශ්‍යතාව සමඟ පිටියට අවතීර්ණ වුනා
මෙම තරගයේ දී මෙක්සිකෝව විසින් තරගයේ පාලනය සියතට ගැනීමට දැඩි වෙහෙසක් දැරූ නමුත්, තරගයේ 36 සහ 38 මිනිත්තු දෙකේ දී Jude Bellingham විසින් එංගලන්තය වෙනුවෙන් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.
කෙසේ වෙතත් මෙක්සිකෝව ඉන් දශමයක හෝ ආතතියකට ලක් නොවී තවදුරටත් ක්‍රීඩාවේ යෙදුණු අතර, තරගයේ 42 මිනිත්තුව තුළ Julian Quinones විසින් මෙක්සිකෝව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.
මේ අතර දිනයේ තරග ජය ගත් කණ්ඩායම් වන නෝර්වේ සහ එංගලන්තය එළඹෙන 12 වැනි දා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක දී එකිනෙකා මුණ ගැසීමට නියමිතයි.
මේ අතර තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (07) පැවැත්වීමට සූදානම්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



