මාඕ සේතුං ගැන කළ ප්‍රකාශයට එම්බාපේ සමාව ඉල්ලයි !

චීනයේ හිටපු නායක මාවෝ සේතුං සම්බන්ධයෙන් කළ “නොසැලකිලිමත්” ප්‍රකාශයක් හේතුවෙන් විවේචන එල්ලවීමෙන් පසු, ප්‍රංශ පාපන්දු ක්‍රීඩක කිලියන් එම්බාපේ සමාව ඉල්ලා තිබෙනවා.

එම ප්‍රකාශයත් සමග චීන සන්නාම කිහිපයක් ඔහු සමග පැවති හවුල්කාරිත්වයන් අවසන් කර ඇති බව වාර්තා වනවා.
ප්‍රංශ සාකච්ඡා වැඩසටහනක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී තමන්ට වැඩියෙන්ම සිනහවක් ගෙනෙන අන්තර්ජාල ප්‍රහසනය කුමක්දැයි විමසූ අවස්ථාවේ, එම්බාපේ “චීන ඒකාධිපතියෙකු වගේ කෙනෙකුගේ වීඩියෝවක්” ඇති ප්‍රහසනයක් ගැන සඳහන් කර තිබෙනවා.
පසුව ප්‍රචාරය වූ දර්ශනවල, ඔහුගේ මුහුණ මාවෝ සේතුංට සමාන රූපයකට එක් කර ඇති ආකාරය දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයා වන එම්බාපේ, පාපන්දු ක්‍රීඩාව තුළ ඇති විශාල බලපෑම හේතුවෙන් “ඒකාධිපතියෙකු” ලෙස හඳුන්වන අන්තර්ජාල විහිළුවක කොටසක් ලෙස එම ප්‍රහසනය භාවිත කළ බව සඳහන්.
“මගේ ප්‍රකාශය නොසැලකිලිමත් එකක්. එය චීනයේත් ලොව පුරා සිටින චීන ප්‍රජාවන් අතරත් බොහෝ දෙනෙකුට වේදනාවක් ගෙන දුන් බව දැන් මට වැටහෙනවා. මගේ වචනවලින් සිත් රිදුණු සියලු දෙනාගෙන් සමාව ඉල්ලනවා,” යැයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.

ස්පාඤ්ඤයේ ලා ලිගා තරගාවලි සංවිධායකයන්ද, එම්බාපේගේ ප්‍රකාශයෙන් චීන පාපන්දුලෝලීන්ට සිදු වූ අපහාසය පිළිබඳව කනගාටුව පළ කර සමාව ඉල්ලා ඇති බව සඳහන්.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් චීන සමාජ මාධ්‍යවල විවේචන පළවී ඇති අතර, එම්බාපේ සහ ඔහුගේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම වර්ජනය කරන ලෙසද ඇතැමුන් ඉල්ලා තිබෙනවා.
චීන පාපන්දු සංසදයක් වන ඩොංචියුඩි, එම්බාපේගේ අදහස් “නුසුදුසු” බවත්, චීන ජනතාවගේ හැඟීම්වලට රිදවන බවත්, ප්‍රකාශ කර ඇති බව සඳහන්.
සම්මුඛ සාකච්ඡාවේ මුල් වීඩියෝව වැඩසටහනේ යූටියුබ් නාලිකාවේ දක්නට නොමැති අතර, එය මුලින් විකාශය වූ දිනයද පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මූලාශ්‍රය: BBC
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.




