රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි වූ ක්‍රීඩකයන් දෙදෙනා අතරින්, එම තරගාවලි හයේදීම ගෝල ලබාගත් ලෝකයේ එකම ක්‍රීඩකයා ලෙස පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ඉතිහාසයට එක්විය.

පෘතුගාලය සහ උස්බෙකිස්තානය අතර හුස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ 6 වැනි විනාඩියේදී පෘතුගාලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමත් සමඟ 41 හැවිරිදි රොනාල්ඩෝ මෙම විශේෂ වාර්තාවට හිමිකම් කීවේය.
ලෝක කුසලාන පාපන්දු තරගාවලි 6කට සහභාගි වී ඇත්තේ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පමණි. එහෙත් ලයනල් මෙසී 2010 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ගෝලයක් වාර්තා කිරීමට අපොහොසත් විය.
මේ වන විට ලෝක කුසලාන ගෝල 18ක් ලබා සිටින ලයනල් මෙසී, වැඩිම ලෝක කුසලාන ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාව හිමිකරගෙන සිටී. රොනාල්ඩෝ ලෝක කුසලාන තරගවලදී ලබාගෙන ඇති ගෝල සංඛ්‍යාව 10කි.
උස්බෙකිස්තානයට එරෙහිව රොනාල්ඩෝ ලබාගත් පළමු ගෝලයෙන් දිරිමත් වූ නුනෝ මෙන්ඩිස් 17 වැනි විනාඩියේදී පෘතුගාලය වෙනුවෙන් දෙවැනි ගෝලය ලබාගත්තේය. 39 වැනි විනාඩියේදී රොනාල්ඩෝ තවත් ගෝලයක් වාර්තා කළ අතර, තරගයේ පළමු අර්ධය නිමාවූයේ ගෝල 3-0ක් ලෙසිනි.

විවේක කාලයේදී දෙපිලම ක්‍රීඩකයන් දෙදෙනා බැගින් ආදේශ කළේය.
දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 15ක් ගතවීමත් සමඟ උස්බෙකිස්තානයේ අබ්දුවොහීඩ් නෙමැටෝගේ වැරදීමකින් පන්දුව තමන්ගේම දැල තුළට ගියේය. ඒ සමඟ ලකුණු පුවරුව 4-0ක් ලෙස වෙනස් විය.
තරගය නිමා වීමට විනාඩි 3ක් තිබියදී පෘතුගාලයේ රෆායෙල් ලියෝ තවත් ගෝලයක් ලබාගත් අතර, අවසානයේ පෘතුගාලය ගෝල 5-0ක ජයක් වාර්තා කළේය.
(23 වැනිදා) පැවැති ලෝක කුසලාන තරග අනුව කොලොම්බියාව සහ ක්‍රොඒෂියාව තම තරග ජයගත් අතර, එංගලන්තය සහ ඝනාව අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
බොස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති එංගලන්තය සහ ඝනාව අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්වීම එංගලන්තයට අවාසියක් විය. ‘එල්’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණේ සිටියද, එංගලන්තයේ බලාපොරොත්තුව වූයේ තම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව තවදුරටත් වැඩිකර ගැනීමයි.

‘එල්’ කාණ්ඩයේ තරගයකදී පැනමාව ගෝල 1-0ක් ලෙස පරාජය කළ ක්‍රොඒෂියාව, ජයග්‍රහණයක් ලබාගත්තද තවමත් ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටී.
කොංගෝ රාජ්‍යය ගෝල 1-0ක් ලෙස පරාජය කළ කොලොම්බියාව පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබාගත්තේය.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



