අයර්ලන්ත මලල ක්‍රීඩීකා සියාරා මැගීන් (Ciara Mageean) ජීවිතක්ෂයට!

හිටපු යුරෝපා ශූරතාවලියේ රන් පදක්කම්ලාභිනී සහ දෙවරක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ අයර්ලන්ත මලල ක්‍රීඩීකා සියාරා මැගීන් (Ciara Mageean) වයස අවුරුදු 34 දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උතුරු අයර්ලන්තයේ පෝටෆෙරි (Portaferry) ප්‍රදේශයේ උපන් ඇයට 2025 මැයි මාසයේදී සිව්වන අදියරේ මහා බඩවැල් පිළිකාවක් (stage four bowel cancer) වැළඳී ඇති බවට රෝග විනිශ්චය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇයගේ ක්‍රීඩා ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් ලෙස, ඇය 2016 සහ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා අයර්ලන්තය නියෝජනය කර තිබෙනවා.
එමෙන්ම, පාදයේ ඇති වූ ආබාධයක් (Achilles injury) හේතුවෙන් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමෙන් ඉවත් වීමට ඇයට සිදුවුණා.
2024 වසරේ රෝමයේ පැවති යුරෝපා ශූරතාවලියේදී මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනිමින් ඇය තම ක්‍රීඩා ජීවිතයේ පළමු ප්‍රධාන ශූරතාව දිනා ගත් අතර, 2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී උතුරු අයර්ලන්තය නියෝජනය කරමින් මීටර් 1500 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත්තා.

පිළිකා රෝගය සමඟ කළ දැඩි සටනින් පසු, අද (01) උදෑසන ඇය තම ආදරණීයයන් පිරිවරා අභාවප්‍රාප්ත වූ බව ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ නිවේදනයක සඳහන්.
ආදරණීය දියණියක, සොහොයුරියක, භාර්යාවක සහ බොහෝ දෙනෙකුට ආස්වාදයක් වූ ඇයගේ වියෝව දැඩි අඩුවක් වනු ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මූලාශ්‍රය – බීබීසි
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.




